Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වෛද්‍යවරු මත ගැටෙයි – GMOA සළුපට අහසේ ද?

බහු පුරුෂ විවාහයන් සහ බහු ස්ත්‍රී විවාහයන් කරගත් වෛද්‍යවරුත් ඉන්නවලු

කොරෝනා එන්නත්කරණයේදී වෛද්‍යවරුන් විසින් සිදුකළ බව පැවසෙන අකටයුතුකම් පිළිබඳ අනාවරණය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය විසින් ඊයේ (11) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී අදහස් පළකළ එම සංවිධානයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ එක් වෛද්‍යවරයකුගේ බිරින්දෑවරුන් පස්දෙනෙක් තවත් වෛද්‍යවරියක ස්වාමිපුරුෂයන් හය දෙදෙකුට කොරෝනා එන්නත් ලබා දී ඇති බවයි.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ කොළඹ ජාතික රෝහලේ දී මෙම එන්නත්කරණය සිදුව ඇති බවයි.

වෛද්‍යවරුන් විසින් තම තමන්ගේ පවුල්වල සාමාජිකයන් ලෙස හදුන්වමින් 13000 කට කොරෝන මර්ධන එන්නත් නීති විරෝධී ලෙස ලබා දී ඇති බවටද ඔහු මෙහිදී චෝදනා කළා.

එමෙන්ම කොළඹ ආසන්න තවත් රෝහල් කිහිපයකම ඒ ආකාරයේ එන්නත්කරණයන සිදු කර තිබෙන බවද පැවසූ ඔහු එසේ තිබියදී උණවටුනේ සිදුවීමට පරීක්ෂණ කරන්නේ කුමන නීතියකින්දැයි ප‍්‍රශ්න කළා.

පරීක්ෂණ කරන්නේ නම් සියලු ස්ථානයක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවද ඔහු සඳහන් කළා.

මෙලෙස එන්නත් කරණය අවුල්කරමින් අනීතික ලෙස එන්නත් තම හිතවතුන්ට ලබා දුන් බවට දිගින් දිගටම චෝදනා එල්ල වුයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටයි.

About The Author