Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වෛද්‍යවරු වර්ජනයක

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව අරඹා ඇති ඒකාබද්ධ වර්ජන ක්‍රියාමාර්ගවලට සහයෝගය ලබා දෙමින් බස්නාහිර, මධ්‍යම, නැගෙනහිර සහ දකුණු පළාත්වල පිහිටි සියලු රෝහල්වල අද (13) උදෑසන 8.00 සිට එක්දින වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වයඹ, උතුරු මැද, උතුර, ඌව සහ සබරගමුව යන පළාත්වල පිහිටි සියලුම රෝහල්වල හෙට 14 වැනිදා උදෑසන 8.00 සිටත් එක්දින වැඩවර්ජන ක්‍රියාත්මක වන බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

එමෙන්ම රට පුරා සියලුම රෝහල් ආවරණය වන පරිදි ලබන අනිද්දා (15) වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ද ලේකම්වරයා කීවේය.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කෙරෙහි රජය දක්වන ප්‍රතිචාර නිරීක්ෂණය කිරීමෙන් පසු ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග අනිද්දා (15) ප්‍රකාශයට පත් කරන බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

ළමා, මාතෘ, පිලිකා, ත්‍රිවිධ හමුදා රෝහල් සහ වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකයන්හි මෙන්ම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතයතනයෙහි මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

About The Author