වෙසක් සතියද ඇතුලත්වන ආකාරයෙන් එළැඹෙන සති අන්තයේ ද රට පුරා සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එළැඹෙන (21) සිකුරාදා රාත්‍රී 11.00 සිට (25) වන අඟහරුවාදා අලුයම 4 තෙක් සති අන්තයේ දැඩි සීමා පනවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
යළිත් එදිනම එනම් මැයි (25) වන අඟහරුවාදා රාත්‍රී 11.00 සිට මැයි (28) වන සිකුරාදා උදෑසන 4.00 දක්වා මෙම සංචරණ සීමා නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබෙන්නේ ජනතවගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන්.
අත්‍යවශ්‍ය සේවාවන් ගණයන්ට ඇතුලත් නොවන කිසිදු පුද්ගලයෙකුට එම කාලසීමාව තුළ නිවසෙන් පිටතට පැමිණීම තහනම් වනු ඇත.
( මෙවර වෙසක් පුරපසොලොස්වක පොහෝ දිනය මැයි 26 වන බදාදා දිනයේ දී තිබෙන අතර එයට පසු දින එනම් 27 වැනිදා ද නිවාඩු දිනයක් ලෙස ප්රක්ෂ්යට පත් කර තිබෙනවා)



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට