සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය සඳහා ලැබී ඇති කැබිනට් අනුමැතිය අනුව දේශීය සහල් ආනයනකරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවීමට ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඒ සඳහා දේශීය සහල් ආනයනකරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවීමට කටයුතු කරමින් සිටින බවය.
මේ අනුව පොන්නි සම්බා සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට අපේක්ෂා කරන බවත් ආරක්ෂිත සහල් තොගයක් ලෙස මෙම තොගය ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව නිකුත් කළ එම නිවේදනයේ සඳහන්ය.
මෙරට සහල් ආනයනයේ ප්‍රමුඛවම සිටින්නේද මෙරට මහාපරිමාන වී මෝල් හිමියන් කිහිපදෙනෙකුයි.
මේ වන විට රසායනික පොහොර භාවිතය තහනම් කිරීම සඳහා රජය ගෙන ඇති තීරණය අනුව ප්‍රදේශ රැසක වී ගොවිතැන සම්පුර්ණයෙන්ම පාහේ විනාශ වී ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් ඉදිරි කන්න වලදී අපේක්ෂිත අස්වනු සැලකිය යුතු ප්‍රමාණයකින් පහල වැටෙනු ඇති අතර සහල් මිල ද ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහළ යා හැකි බවට පුරෝකථනය කර තිබෙනවා.
මේ තත්වය සෙසු වගාවන් සඳහාද බලපානු ඇති බවත් ඉදිරි කාලය තුළ රට තුල මහා අහාර අර්බුධයක් ඇති විය හැකි බවටද මේවන විට ක්ෂ්ත්‍රයේ ප්‍රවීණයන් විසින් අනතුරු අඟවා අවසන්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට