ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව මැයි මස 4 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පැවසුවේ මේ වන විට මන්ත්‍රීවරුන් 125ක් පමණ අත්සන් තබා ඇති බවයි.
මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා,
“පක්ෂ 11 කණ්ඩායම සහ ස්වාධීන වූ පසුපෙළ මන්ත්‍රීවරු 10 දෙනාට මේ සම්බන්ධයෙන් අපි ඉල්ලීම් කරලා තිබෙනවා.”
“අපි බලමු මේ විශ්වාසභංගයට අත්සන් කරනවා ද කියාලා. ඔය විශ්වාසභංග යෝජනාවට අත්සන් කරන්නේ නැතුව යන්න හම්බවෙන්නේ නෑ ගමට. මැයි මාසේ 4වනදාට ඉස්සෙල්ලා අපි භාරදෙන්න බලපොරොත්තු වෙනවා අවශ්‍ය අත්සන් ප්‍රමාණය සහිතව .”
යනුවෙන් ප්‍රකාශ කළේය.


අත නොහැර කියවන තැන
මෙන්න සහන…
මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා කැඳවීමට දිනයක්
තවත් අලි අනතුරක්