Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විවෘත කරන දිනක් නොමැතිව දිවයිනේ සියලු පාසල් වසා දැමේ ?

අප්‍රේල් 30 වැනිදා දක්වා මෙරට සියලුම පාසල් වසා දැමීමට තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයා පවසනවා.

ඒ අනුව රජයේ පාසල්, පෞද්ගලික පාසල්, පෙර පාසල්, පිරිවෙන් උපකාරක පන්ති හා අධ්‍යාපනයට අදාළ සියලු කටයුතු මේ අනුව අත්හිටුවිය යුතු බවද ඇමතිවරයා සඳහන් කලේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

බස්නාහිර හා වයඹ පළාත හැර සෙසු පළාත්වල පාසල් අද (27) සිට වැඩ ඇරඹූවත් කොවිඩ් අවධානම හේතුවෙන් සිසුන් පාසල් වෙත පැමිණීමේ විශාල අඩුවක් දක්නට ලැබුණා.

එසේම ත්‍රීකුණාමලය, කුරුණැගල, අම්පාර, කෑගල්ල ඇතුලු දිස්ත්‍රික්ක ගණනාවක අධ්‍යාපන බලධාරීන් පාසල් වසා දැමීමට නිවේදනය කිරීම් හමුවේ තත්වය තව දුරටත් සංකීර්ණ වීම හමුවේ රජය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග වලට අනුව ලබන (30) වන සිකුරාදා දිනය තෙක් වසා දැමෙන පාසල් ලබන සඳුදා (03) දා සිට නැවත ආරම්භ කරන බව පැවසුන ද පවතින තත්වය මත එවැනි තීරණයක් ගැනීමට නොහැකි වී ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව පාසල් ආරම්භ කරන දිනය පිළිබඳ මේ වන විට නිශ්චිත දිනයක් සඳහන් කළ නොහැකි වට පිටාවක් නිර්මාණය වී ඇති බවයි වාර්තාවන්නේ.

About The Author