ශ්‍රී ලංකාවට මේ මොහොතේ ආධාර නොදෙන බව කොළඹ සිටින ජපාන තානාපති Mizukoshi Hideaki සඳහන් කර තිබෙනවා.
ඊයේ දිනයේ දෙමළ ජාතික සන්ධානය සමඟ පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවට මේ මොහොතේ මූල්‍ය ආධාර ලබා දුන හොත් ඒවා වැරදි ලෙස කළමනාකරණය වීමේ අවධානමක් පවතින බවද ජපාන තානාපතිවරයා එහිදී සඳහන් කර තිබීම විශේෂත්වයක්.
කෙසේ නමුත් ශ්‍රී ලංකාවට ආධාර දීම සම්බන්ධයෙන් පසුව සලකා බැලිය හැකි බවද ජපාන තානාපතිවරයා වැඩිදුරටත් පැවසූ බව දෙමල සන්ධානය සදහන් කර තිබෙනවා.
© Lanka C News


අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?