සිඟිති වැඩ කරන නොමේරු සෞඛ්‍ය නිලධාරිනියකගෙන් මාධ්‍යයටත් සත්තමක්
හලාවත, කොක්කාවිල රජයේ පාසලේ ස්ථාපිත එන්නත් මධ්‍යස්ථානයේදී වයස අවුරුදු 12-18 අතර ළමුන් සඳහා ෆයිසර් බයෝඑන්ටෙක් කෝවිඩ් -19 එන්නත ලබා දීමේ සිද්ධියක් අද වාර්තා වුණා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙන්ම ශ්‍රී ලංකාවේ තුළ ක්‍රියාත්මක එන්නත්කරන නිර්දේශ නොසලකා හරිමින් මෙම ශෝභන සහ නීති විරෝධී ක්‍රියාව සිදු කරනු ලබන්නේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවකගේ මූලිකත්වයෙන් පැහැදිලි වෙනවා.
ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකුගේ සහායද හිමිවන බව අප වෙත ලැබී තිබෙන දර්ශන අනුව පැහැදිලියි.
එන්නත ලබාගත නොහැකිව වයෝවෘද්ධ වැඩිහිටියන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයෙන් පෝලිම් වල දුක් විදිමින් සිටින අවස්ථාවක කම්බි වැටක් පන්නවා වයස අවුරුදු 12 ත් 18 ත් අතර දරුවන් සඳහා එන්නත ලබා දෙන අයුරු දක්නට ලැබුණා.
එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියකු සහ මාධ්‍යවේදීයෙකු අදාල පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් මේ පිළිබඳ විමසීමක් සිදු කරන අතර ඇය පවසන්නේ වෛද්‍යවරයකුගේ දරුවන්ට එලෙස එන්නත ලබා දෙන බවයි.
එය ප්‍රශ්නයක් නොවන බවද පවසන ඇය මාධ්‍යවේදියාට පවසන්නේ මේ ගැන නොසොයා සිටින ලෙසයි.
ඊට සම්බන්ධ වෛද්‍යවරයා පිළිබඳ කරුණු විමසීම මාධ්‍ය අදාල කරුණක් නොවන බවත් පවසන ඇය කිසිදු චකිතයකින් හෝ හිරිකිතකින් තොරව සෞඛ්‍ය මාර්ගඋපදේශනය කරන්නේ තම රාජකාරි නිල බලය අවභාවිත කරමින්.
හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (එම්ඕඑච්) දෙපාර්තමේන්තුවට අනුයුක්තව කටයුතු කරන වෛද්‍ය අරුල්තෙවි අරුණාචල්ම් මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
පවුල් සෞඛ්‍ය සේවා ඒකකයේ නිලධාරිනියක් සහ තවත් නිලධාරීන් කණ්ඩායමක් සිද්ධියට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති බවයි.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?