කූඩාරම ඉරා දමා පොලිසිය ඉවත්ව යයි
විරෝධතා පැවැත්වීම වෙනුවෙන්ම ආණ්ඩුව විසින් වෙන් කර ඇති ජනාධිපති ලේකම් කාර්යාල ඉඩමේ ගුරුවරුන්ගේ සත්යග්රහයක් පැවැත්වෙන්නේ ගුරුවරුන්ගේ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් වහා පිළියම් ලබාදෙන ලෙස බල කිරීම සඳහායි.
කෙසේ වෙතත් අද පෙරවරුවේ අදාල සත්යග්රහය පැවැත්වෙන ස්ථානයට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණියා.
ඔවුන් සඳහන් කළේ සත්යග්රහය පැවැත්වෙන විරෝධතාකරුවන් රැඳී සිටින කූඩාරම ඉවත් කරගන්නා ලෙසයි.
එහිදී ඇතිවූයේ උණුසුම් තත්වයක්.
පොලිසියේ මැදිහත් වීම නීති විරෝධී බව පවසමින් විරෝධතාකරුවන් අධිකරණ නියෝගය හෝ මෙලෙස කූඩාරම ඉවත් කිරීම සම්බන්ධයෙන් අදාළ වන නීතිමය තත්වය පැහැදිලි කරන ලෙස පොලිස් නිලධාරීන්ට පැවසීමත් සමග තත්වය තවත් උණුසුම් වූ අතර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු අදාල කූඩාරම ඉරා දමන ආකාරයක්ද දක්නට ලැබුණා.
ඉන් අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්ව ගියේ අදාළ ඉඩමේ සිට විරෝධතා කළ හැකි නමුත් අට්ටාල හෝ කූඩාරම් ගැසීමට නොහැකි බව පවසමින්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි