Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විමල් ප්‍රසිද්ධියේ සිගරට් උරයි – නීති පොත අදාළ නෑ, බාල්දි පෙරලන්න එන්න එපා යැයි කියයි

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රසිද්ධියේ දුම්පානය කර පෙන්වා තිබෙනවා.

කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ දුම්වැටි ප්‍රවර්ධනයක යෙදී ඇත්තේ ආයුර්වේද කුරුදු දුම්වැටියක් ප්‍රචලිත කිරීම සඳහා යයි පවසමින්.

ශ්‍රී ලාංකික කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන (කුරුඳු සිගරැට්ටුව) මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහිදී සඳහන් කළ බවයි ඔහුගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ තොරතුරු වල දැක්වෙන්නේ.

සියයට සියයක් ශ්‍රී ලාංකීය කුරුදුවලින් නිෂ්පාදනය කළ Lion Heart ලෙස නම් කර ඇති ආයුර්වේද ධූමපාන නිපැයුම්කරු වන්නේ සමන්ත පුංචිහේවා මහතා බවයි දැක්වෙන්නේ.

මෙරට අමුද්‍රව්‍ය මත පදනම් වූ මේ සිගරට්ටුව තදින් දුම්පානයට ඇබ්බැහි වූ අයෙකුට ඉන් මිදිය හැකි ආදේශයක් බව ඇමති වීරවංශ සඳහන් කර තිබීම විශේෂත්වයක්.

බහුජාතික සමාගම්වල අනුදැනුම හා මෙහෙයවීම මත සමහර රජයේ ආයතන මේ නව නිපැයුමට “බාල්දි පෙරළීමට” බලා සිටින බව ද මෙහිදී සඳහන් කර ඇති අමාත්‍යවරයා

බහුජාතික සමාගම්වල අනුදැනුම මෙහෙයවීම මත සමහර රජයේ ආයතන මේ නව නිපැයුමට “බාල්දි පෙරළීමට” බලා සිටින බව ද මෙහිදී සඳහන් කර ඇති අමාත්‍යවරයා අවධාරණය කර තිබෙන්නේ නීති පොතේ කුමන වගන්ති පැවතිය ද නව නිෂ්පාදනකරුවෙකගේ නිෂ්පාදන ඉදිරියට ගෙන යාමට කර්මාන්ත ඇමැතිවරයා ලෙස තමන් කැප වන බවයි.

කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන නිෂ්පාදන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් බව ද පවසන ඇමති විමල් වීරවංශ මහතා ලංකාවේ නීති පද්ධතිය සකස් වී ඇත්තේ නව නිපයුම්කරුවන් ඉදිරියට ගෙන යාමට නොව හිරේ දැමීමට යයි ද පවසා ඇති බව සඳහන්.

About The Author