පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවකු ව සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා නීතිපති උපදෙස් ප්‍රකාරව එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (02) නියෝග කර තිබෙනවා.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය යළි කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළ බව සඳහන්.
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 21 වැනිදා යි.
2019 වසරේ අප්‍රේල් මස 21 වෙනිදා සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් පසු එවකට විපක්ෂයේ සිටි විමල් වීරවංශ ඇතුළු පිරිසක් විසින් රිෂාඩ් බදියුදීන් සතොස වාහන යොදාගනිමින් පාස්කු ප්‍රහාරකයින්ට පහසුකම් සැපයු අයුරු විස්තර කරනු ලැබුවේ මාර්ග සිතියම්ද ඉදිරිපත් කරමින් වීම විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ – අනුරගේ එක කෝමද ඒකට අපේ ලොක්කගේ එක ඇහුන ගමන් ඩෝපර්ලා නටනවා – සජබ අවුල දිගටම පුපුරයි
සජිත්ගේ වේදිකාව ළඟ ඇවිලෙයි – එක හරක් පැටියෙක් අරන් ගොම දාගන්න එපා කියා රෝහිණී සැර වෙයි
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී