Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විමල්ලා ගම්මන්පිලලාගේ කතාවක් අධිකරණ නියෝගයකින් විසි වෙයි

යුගදනවි ඇමරිකාවට විකුණු ගිවිසුමට එරෙහි පෙත්සම් අධිකරණය ඉවත දමයි

කැබිනට් මණ්ඩලයට හෝ නොදන්නවා නීති විරෝධී ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අවශ්‍යතාවය මත අත්සන් කරන ලද බවට චෝදනා එල්ල වූ කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ 40% කොටස් අයිතිය ඇමෙරිකානු සමාගමකට විකිණීමට අදාළ ගිවිසුම බලරහිත කරන ලෙස ඉල්ලමින් පසුගිය කාලයේ විපක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂයේ කැබිනට් මැති ඇමැතිවරුන් කිහිපදෙනෙකුද විරෝධය පළ කළා.

අදාළ ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන් තිදෙනෙකු වන වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මහත්වරුන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට ද කටයුතු කළා.

තවත් පාර්ශව කිහිපයක් අදාළ ගිවිසුම බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරනු ලැබුවා.

කෙසේ වෙතත් අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ පෙත්සම් විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ටී. බී. දෙහිදෙනිය, බුවනෙක අළුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් අද (04) යළි කැඳවූ අවස්ථාවේදී එම පෙත්සම්  විභාගයට ගැනීම මෙලෙස ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බවයි වාර්තා වන්නේ.

About The Author