Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විමල්ගේ බලාපොරොත්තුව ඉටුවෙයි ! ලිපිය බුකියේ එළයි : ස’ට තැනක් යු කියයි

තමන්ව අමාත්‍ය ධූරයෙන් ජනාධිපතිවරයා ඉවත් කළ ලිපිය හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ඒම ලිපිය ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ ප්‍රසිද්ධියට පත්කරමින් විමල් වීරවංශ මහතා සඳහන් කර ඇත්තේ ‘ස්තුතියි’ යනුවෙනි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(2) අ වගන්තිය ප්‍රකාරව තමන්ට හිමිව ඇති බලතල ප්‍රකාරව විමල් වීරවංශව අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන බව ජනාධිපතිවරයා විමල් වීරවංශ මහතාට දැනුම්දී තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ කැපී පෙනෙන කාර්ය භාර්යයක් විමල් වීරවංශ මහතා ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණ ඉටුකරනු ලැබූවා.

ඊයේ දිනයේ විශේෂ සමුළුවක් පවත්වමින් ජනාධිපතිවරයාගේ බාල සොයුරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රජය පිළිබද විවේචනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති වූ මත ගැටුම හමුවේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් දෙදෙනා ඔවුන් දරූ අමාත්‍ය තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය වූ බවයි වාර්තා වන්නේ.

ඇතැම් විටක මේ වන විට ආණ්ඩුවට එල්ල වී ඇති ජනතා විරෝධය හමුවේ ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරුන් පවසන අයුරින් විමල් වීරවංශ මහතා තම දේශපාලන ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට ජනාධිපතිවරයාගේ මෙම ලිපිය බලාපොරොත්තුවෙන් සිටියා වන්නටද පුළුවන්.

About The Author