Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විමල්ගේ කෑලි හැලෙයි – කෑල්ලක් ගෙදර නවතී තවත් කෑල්ලක් ගලවා මහින්දානන්දට භාරදෙයි

විද්‍යාත්මක ඇමති මණ්ඩලය තවත් වරක් සංශෝධනය කෙරේ

මෙතෙක් කලක් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති ලංකා පොස්පේට් සමාගම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් එම අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා.

ඉවත් කරන ලද අදාළ සමාගම සම්බන්ධ කර තිබෙන්නේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විෂය පථයටයි.

අමාත්‍යාංශය විෂය පථයන් බෙදීමේදී සහ අමාත්‍ය ධුර පත් කිරීමේදී ඒවා නිසි විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව පත් කරන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ලබාදුන් පොරොන්දුව අවස්ථා කිහිපයකදීම කඩකරමින් අමාත්‍යවරුන්ගේ විෂය පථයන් අවස්ථා රැසකදීම වෙනස් කිරීමට මේ වන විට ජනාධිපතිවරයා විසින් කටයුතු කර ඇති අතර එම පොරොන්දුව කඩ කරමින් වරින් වර නව අමාත්‍යවරුන්ද පත්කර තිබෙනවා.

මේ අතර විමල් වීරවංශ අමාත්‍යවරයාගේ අමාත්‍යංශ ලේකම් ධුරය සම්බන්ධ අර්බුධයක් නිර්මාණය වී ඇති අතර අදාල අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරූ අනුෂ පැල්පිට මහතා පසුගියදා (18) එම ධුරයෙන් ඉවත් වුණා.

විමල් වීරවංශ මහතා සමග ඇති කරගත් මතගැටුමක් මෙම ඉවත් වීම පිටුපස පවතින බවටද මේ වන විට රාවයක් පැතිර යනවා.

පුරප්පාඩු වූ අදාල ලේකම් ධුරය සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවය අදාල නොවන විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන වරාය අධිකාරියේ හිටපු සභාපති දයා රත්නායක මහතා පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණත් මේ දක්වා ඔහු අදාල තනතුර භාරගෙන නොමැති බවද වාර්තවනවා.

About The Author