විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත් දැයි පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් තමා විපක්ෂ නායකවරයාට නැගූ චෝදනාව ඔප්පු කළොත් ඉල්ලා අස්වන බවට විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බව අලුත්ගමගේ මහතා කීය.
අදාල මුදල් වියදම් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා නියමිත අනුමැතිය ගෙන නැතැයි සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ යැයිද ඒ අනුව තමා විපක්ෂනායකවරයාට කළ චෝදනාව ඔප්පු වූයේ යැයි ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
වෙනදා උදේ 9.30 වන විට පාර්ලිමේන්තුවට එන විපක්ෂ නායකවරයා අද නාවේ ඔහු ඉල්ලා අස්වුණාදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයාගෙන් දැනගන්නට කැමති බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට