Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විපක්ෂයට හීන දකින්න පුළුවන්, හැබැයි ආණ්ඩු පෙරළනවා කියලා හීනෙන් දොඩවන එකයි අවුල – ඇමති ජොන්ස්ටන්

විපක්ෂයට හීන බලන්න අයිතියක් ඇති බවත් නමුත් ආණ්ඩුව පෙරළනවා කියා හීනෙන් දෙඩවීම ප්‍රශ්නයක් බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ජනතාව තුල වත්මන් රජය පිළිබඳ ඇති විශ්වාසය සහ රජයට සහයෝගය ලබා දීමට ජනතාව තුල තිබෙන දැඩි කැමැත්ත නිසා වත්මන් රජය පෙරළීම යනු ලක්ෂ්මන් කිරිඇල්ල සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායකගේ සිත් වල ඇති කිසිදා සැබෑ කර ගත නොහැකි සිහිනයක් බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ.

පසුගියදා (25) කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පල කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා..

මෑත කාලයේ දී පැවැත්වූ සෑම මැතිවරණ වලදීම සජිත් – අනුර යන ද්විත්මයටම අත්වූයේ අන්ත පරාජයක් . මුලින්ම ප්‍රාදේශීය සභා මැතිවරණයේ පරාජයෙන් පස්සේ ජනාධිපතිවරණයෙන ජයග්‍රහණය කරනවා කියලා සිහින මැව්වා .ඊට පස්සේ ජනාධිපතිවරණයේ දී අත්වූ පරාජයෙන් පස්සේ උදම් අනමින් සිහින මැව්වා මහමැතිවරණය ජයග්‍රහණය කරනවා කියලා . ඒ සිහිනයත් අනිත් මවපු සිහින වගේම බොදවුනා . දැන් ආපහු ලක්ෂ්මන් කිරිඇල්ල මහත්තයා දවල් හීන දකිනවා මේ ආණ්ඩුව පෙරළා දමන්න. උඩ බලන් සිහින දකිනවා ඇරෙන්න වෙන දෙයක් මේ විපක්ෂය දැන් කරන්න නැහැ. ඒ නිසා මඩ ගහන්නයි , බොරු බේගල් සමාජ ගත කරන්නයි තමයි උත්සහ කරන්නේ.මෑත කාලයේ ඔවුන් ප්‍රචාරය කර ඇති බොරු දෙස බලන්න. පළමුවෙන්ම ඔවුන් තමන්ගේ දේශපාලන වාසියට මේ කොවිඩ් වසංගතය හරවා ගැනීමට උත්සය කලා . මිනිස්සු කොවිඩ් වලින් මිය යනකන් බලන් හිටියෙ.නමුත් අපේ රජය කොවිඩ් වසංගතයට ඉතාමත් සාර්ථක ලෙස මුහුණ දුන්නා. ඒනිසා රජය පෙරලා දැමීමේ විපක්ෂයේ සිහිනය බිද වැටුනා.

ඊලගට ඔවුන් රටේ ආර්ථිකය බිඳවැටෙනවා කියලා කෑගැසුවා නමුත් අපි ආර්ථිකය මනා ලෙස කලමනාකරණය කලා. මානව හිමිකම් කවුන්සලයේ ඡන්දය ගන්නා විට අපට එරෙහි යෝජනා සම්මත වුවහොත් මේ රට මුහුණ දෙන අන්තරායන් ගැන කතා කර කර රටට විපතක් වෙනකම් බලන් හිටියා. එවැනි කිසිවක් සිදු වුනේ නැහැ. ඉන්පසුව ඔවුන් පාරිසරික විනාශයක් ගැන විලාප තිබ්බා. සමාජ මාධ්‍ය වල බොරු වැපිරුවා.නමුත් එවැනි දෙයක් නොමැති බව අපි ඔප්පු කළා . ලංකාගම මාර්ග සංවර්ධනයේ දී සිංහරාජයේ එක ගසක් කපන්නේ නැතිව මාර්ගය සංවර්ධනය කරලා අපි පෙන්නුවා .විපක්ශයට මම කිඋවා යමු ලංකාගමට කියලා එක්කෙනෙක් ආවේ නෑ.

ඉන් පසුව ඔවුන් පාස්කු ඉරිදා විමර්ශනවලින් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළා. පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් කතා කරනවා වෙනුවට විපක්ෂ පාස්කු ප්‍රහාරය සිදු කිරීමට අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අය වෙනුවෙන් අද විපක්ෂය හඩා වැලපෙනවා . වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරනවා වෙනුවට දේශපාලඥයින් අත්අඩංගුවට ගන්නවා කියලා හඩා වැටෙනවා . ත්‍රස්ත ප්‍රහාර සිදුවූයේ ඔවුන්ගේ යහපාලනයේ තිබුණු වැරදි නිසා බව විපක්ෂට දැන් අමතකයි. ඔවුන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ව දේශපාලනයට ගාවා ගැනීමට උත්සාහ කළා එම උත්සහය අසාර්ථක වීමෙන් පසු දැන් ඔවුන් කාදිනල් හිමිපාණන්ට මඩ ගහනවා.

දැන් විපක්ෂය කතා කරන්නේ ආණ්ඩුව පෙරළා දැමීමේ ඔවුන්ගේ නවතම සිහිනය ගැනයි. මම ඔවුන්ට අභියෝග කරනවා ඔවුන්ගේ ඡන්ද කොට්ඨාශයට ගොස් මිනිසුන් සමඟ කතා කරන්න කියලා . එතකොට ඔවුන්ට තේරෙයි මිනිස්සු ඉන්නේ ඔවුන් එක්ක ද අපිත් එක්ක ද කියලා . එතකොට ඔවුන්ට ඔවුන්ගේ සිහිනය ගැන තේරුම් ගත හැකියි. විපක්ෂය යනු බෙලහීන බලවේගයක් බව මේ රටේ ප්‍රගතිශීලි ජනතාව දන්නවා . කළ නොහැකි දේ ගැන සිහින දකිනවා මිස විපක්ෂයට වෙන කිසිවක් කළ නොහැකියි. සිහින දැකීම අයිතියක් හැබැයි සිහිනෙන දොඩවන එක තමයි හාස්‍යට කාරණය. බිම් මට්ටමින් ජනතා හදවත් වලින් විපක්ෂය අතුගෑවී අවසන්”

© මාධ්‍ය ඒකකය – මහාමාර්ග අමාත්‍යාංශය

About The Author