රටෙහි පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ශ‍්‍රී ලංකාව විසින් විදේශ ණය ගෙවීම් අත්හිටුවීමට තීරණය කර තිබුණද අද විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ දින තුනකට අදාල ආනයන සදහා පමණක් බව ඩේලි මිරර් පවසයි.
රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ඉල්ලා ඇතත් එම ආධාර කඩිනමින් නොලැබෙන අතර මාස හයත්-දොළහත් අතර කාලයක් ඊට ගතවනු ඇති බවත් සදහන්ය. ඒ හේතුවෙන් රජය මේ වන විට නැවත ඉන්දියාව සහ චීනය දෙසට හැරී සිටියි.
නවතම දත්ත අනුව මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.72ක් වන අතර ඉන් ප්‍රයෝජනයට ගත හැක්කේ ඩොලර් මිලියන 150ක් පමණි. එය ප්‍රමාණවත් වන්නේ දින තුනකට අදාල ආනයන සදහා ගෙවීමට පමණි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට