ජනාධිපතිවරයා විසින් විදේශ සේවාවේ කරන ලද පත්වීම් කිහිපයක් පිළිබඳව ප්‍රකාශ වන විවිධ අදහස් මේ දිනවල සමාජ මාධ්‍යය පුරා පැතිරෙමින් පවතී.
රාජ්‍යය පාලකයින් විසින් කරන මෙවැනි පත්කිරීම් හඳුන්වන්නේ ‘අනුග්‍රාහක පත්කිරීම්’ (patronage appointments) හෙවත් ‘කැමැත්ත මත කරන පත්කිරීම්’ (will appointments) ලෙසය.
මෙවැනි පත්කිරීම් වල විශේෂ ලක්ෂණය වන්නේ වෘත්තීය දැරීමට අවශ්‍ය අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් නොසලකමින් හුදෙක් ඥාති සම්බන්ධතා, දේශපාලන සම්බන්ධතා, පෞද්ගලික හිතවත්කම් යනාදිය පදනම් කරගෙන රාජ්‍ය සේවයේ පත්කිරීම් කිරීමය.
දේශපාලනයේදී පක්ෂයට කරන ලද සේවයට පාලකයින් වන්දි ගෙවන්නේ මෙම පත්කිරීම් මගිනි.අනුග්‍රාහක පත්වීම් දීම දේශපාලනය තුළ වැළැක්විය හැකි දෙයක් නොවේ.
කුමන නීතිරීති තිබුනද කුමන විධි විධාන තිබුනද පාලකයින් අනුග්‍රාහක පත්වීම් දීම කරන අතර එය රාජ්‍ය පාලනය හා බැඳී පවතින ආවේනික ගුණාංගයක් වේ. ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය සේවය මේ සම්බන්ධයෙන් දියහැකි හොඳම නිදසුන වේ.
අනුග්‍රාහක පත්වීම් ක්‍රමයේ පවතින නරකම ලක්ෂණය වන්නේ නුසුදුස්සන් රාජ්‍ය සේවයට පත්වීමය. මෙය රාජ්‍ය සේවය දූෂිත වීමට මෙන්ම අකාර්යක්ෂම වීම කෙරෙහිද සෘජුවම බලපානු ලැබේ.
දෙවන නරක ලක්ෂණය වන්නේ රාජ්‍ය සේවය තුළ කාර්යක්ෂමතාව පවත්වා ගෙනයාම සඳහා අනිවාර්යයෙන්ම තිබිය යුතු මූලධර්මයක් වන ඉහළ නිලධාරින්ට පහළ නිලධාරින් යටත්වීම සහ කීකරුවීම පිලිබඳ සිද්ධාන්තය ක්‍රියාවට නැංවීමට නොහැකි වීමය. හේතුව එක් අතකින් අනුග්‍රාහක පත්වීම් ක්‍රමය යටතේ සේවයට පත්වන තැනැත්තා වෘත්තීය හා සම්බන්ධ කාර්‍යාල ව්‍යවහාරයන් නොදැනීමය.
අනික් අතින් තමන් පසුපස ඇති දේශපාලන බලයෙන් අනුග්‍රාහක පත්වීම් ලබන්නා හිස උදුම්මවා ගෙන හැසිරීමය.තුන්වන නරක ලක්ෂණය වන්නේ සේවයේ ඉහළට ගමන් කිරීමට ඇති ඉඩ ප්‍රස්ථාවන් ඇහිරීම හේතුවෙන් දැනටමත් සේවයේ නියුක්ත නිලධාරින් තුළ ඇතිවන වෘත්තීමය කලකිරීමය.
මෙහි ප්‍රතිඵලය වන්නේ එවැනි නිලධාරින්ගේ වෘත්තීමය කාර්යක්ෂමතාව පිරිහීයාමය.මෙම කරුණු වලින් පෙනීයන්නේ අනුග්‍රාහක පත්වීම් ක්‍රමය කුමන ආකාරයකින් වුවද සුදුසු දෙයක් නොවන බවය.
මගේ වෘත්තීය ජීවිතය තුළ මෙවැනි අවස්ථා දෙකකට මම මුහුණ දී ඇත. එම කටුක අත්දැකීම් විශ්‍රාම ගියද තවමත් මගේ හිතට වද දෙන දෙයක් බවට පත්ව ඇත.
එක් අවස්ථාවකදී අනුග්‍රාහක පත්වීම් ක්‍රමය යටතේ සේවයට පත් වූ එක් අයෙක් ඇමතිවරයාගේ හයිය අරගෙන නැටූ නැටිල්ල කොතරම් දුරට ගියාද යතහොත් ඇමතිවරයාට සහ එම අනුග්‍රාහක පත්වීම්කාරියට ඕනැ එකක් කරගන්න කියා අස්වීමේ ලියවිල්ල දී මම ගෙදර ආවේය.
මගේ එක මාමා කෙනෙක් සේවය කළේ සුප්‍රිම් උසාවියේ විනිශ්චයකාරවරයෙකු ලෙසය. දේශපාලන අනුග්‍රහ පත්වීමක් හේතුවෙන් ඔහුගේ ඉහළ යාමට තිබූ ඉඩප්‍රස්ථාව අහිමිවීම නිසා ඇති වූ මානසික පීඩනය ඔහු මියයන තෙක්ම පැවතියේය.
පාලකයින්ට මේවා තේරෙන්නේ නැත. රාජ්‍ය සේවය අකාර්යක්ෂම වීම ගැන නම් ඔවුන් නිරන්තරයෙන්ම කතා කරති. එයට බලපා ඇති හේතු අතුරින් ප්‍රධානම හේතුවක් වන්නේ දේශපාලනඥයින් බව ඔවුන් කිසිදා අවබෝධ කර නොගනිති. රටක කරුමය කියන්නේ මෙය මිස වෙන කුමක්ද ?
© මහාචාර්ය එම්.ඕ . ඒ ද සොයිසා
අත නොහැර කියවන තැන
මේ ගුරු පාරේ මේ දොළ අයිනේ අපේ රහස් ඇත සැඟවීලා
ඉදිරි දශකය තුළ ශ්‍රී ලාංකේය අධ්‍යාපනය කෙසේ වෙනස් විය යුතු ද?
ජනාධිපති ගෝඨාභයගේ සල්ලි මල්ලට මොකද වුණේ ?