ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හැව්ලොක් සිටි හි පිහිටි මිරේකා ටවර් ගොඩනැගිල්ල විවෘත කිරීම අද දින (20) සිදු කෙරුණි.
එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ‘විදේශ ණය වෙනුවට විදේශ ආයෝජන ප්‍රධාන ආදායම් මාර්ගයක් කර ගැනීමට අවධානය යොමු කළ යුතු’ බවයි. එය අපනයනය ප්‍රමුඛ ආර්ථිකයක් බවට පත්විය යුතු බවත් එලෙස විදේශ ආයෝජන ඉහළ නැංවීම තුළින් බාහිරව විවෘත ආර්ථිකයක් ගොඩනැංවිය හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කරන ලදී.
ආර්ථිකය සමනය වීම ආරම්භවීමත් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ප්‍රධාන ණය හිමියන් වන චීනය, ජපානය සහ ඉන්දියාව සමඟ සාකච්ඡා පැවැත්වෙන බවත් ශ්‍රී ලංකා ආර්ථිකයට යළි පුනර්ජීවනයක් ගෙන ආ හැකි ආකාරය සොයා බලන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


අත නොහැර කියවන තැන
මෙන්න සහන…
මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා කැඳවීමට දිනයක්
තවත් අලි අනතුරක්