Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්‍රදානය කර නෑ : හේතුව අරගලයලු

විදේශීය රාජතාන්ත්‍රිකයන් රැසක් මෙරට තානාපති සේවයට වාර්තා කර ඇති නමුත් අනිවාර්ය සම්ප්‍රදායක් වන අක්ත පත්‍ර භාරදීමක් සිදුකර නොමැති බව වාර්තාවනවා.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙසේ අක්ත පත්‍ර භාරදීමට කටයුතු කර නොමැති රාජතාන්ත්‍රිකයන් ප්‍රමාණය 60 කට ආසන්න බවද සඳහන්.

සාමාන්‍යයෙන් විදෙස් රාජතාන්ත්‍රිකයන් තානාපති සේවය සඳහා පැමිණි විට අක්ත පත්‍ර භාරදීම සිදුකරනු ලබන්නේ රාජ්‍ය නායකයා වෙතය.

ලංකාවේ නම් ජනාධිපතිවරයා වෙත එසේ භාරදීම සිදුකෙරෙනවා.

අක්තපත්‍ර බාරදීම බොහෝ විට සිදුවන්නේ ජනාධිපති මන්දිරයේ හෝ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී බවයි පැවසෙන්නේ.

කෙසේ වුවත් මාර්තු මාසයේ අග භාගයේ සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල ජනාධිපතිවරයට එරෙහි විරෝධතා දියත්කර තිබු අතර පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම අහුරමින් විරෝධතාවයක් ආරම්භ කළා.

වාර්තා වන ආකාරයට රාජතාන්ත්‍රිකයන් අක්ත පත්‍ර භාරදීම සිදුකර නොමැත්තේ, ඔවුන්ගේ මෙරට සිටින ආරක්ෂක උපදේශකයන් අදාළ නිල හමුවීම් සිදුවන ජනාධිපති කාර්‍යාලය , ජනාධිපති මන්දිරය ආශ්‍රිත ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තහවුරුවක් ලබාදී නොමැති නිසා බවද පැවසෙනවා.

විමතියට කරුණක්

කෙසේ වෙතත් මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ රාජතාන්ත්‍රික නිලධාරීන්ගේ අක්තපත්‍ර භාර ගැනීමට ජනපති මන්දිරය හෝ ජනාධිපති ලේකම් කාර්යාලය යොදා ගැනීමට අපොහොසත් වූ පාලකයින් කුමන බාධක මධ්‍යයේ වුවද නව අගමැතිවරුන් පත් කිරීම, නව අමාත්‍යවරුන් පත්කර ගැනීම, උපදේශකවරුන් පත්කර ගැනීම ආදී සියල්ල ඒ සඳහා සුදුසු වෙනත් ස්ථාන වල සිට ගෙවුණු කාල සීමාව තුළ කිසිදු ආයාසයකින් තොරව සිදුකර ගැනීමයි.

About The Author