Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විදෙස් ගතව සිටින මත් ජාවාරම්කරුගේ ගෝලයෙක් STF දැලේ

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “යාගොඩමුල්ල කලුවා” නමැත්තා ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවරම මෙහෙයවන ප්‍රධාන ගෝලයකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ධම්මාලෝකගම, හීනටියන, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 පුද්ගල‍යෙක්.

සැකකරු සන්ත‍කයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100, මිලි ග්‍රෑම් 700 ක් අත්අඩංගුවට ගත් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

මෙම සැකකරු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘යාගොඩමුල්ල කලුවා’ නමැත්තා සමඟ සම්බන්ධතා පවත්වමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරමින් සිටින බවට ලද තොරතුරු මත වැටලීමක් කර සැකකරු අත්අඩංගුවට ගත් බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.

සැකකරු සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක පොලිසියට භාර දී තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව කටුනායක ප‍ොලිසිය පැවසුවා.

About The Author