නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුකළ ඉල්ලීමට අදාළ දත්ත සහ කරුණු අද (02) හෝ හෙට (03) දිනයේ මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.
පසුගිය කාලයේ රට පුරා පැවති නියං කාලගුණික තත්ත්ව හේතුවෙන් තාප විදුලිය ලබාගැනීම සඳහා වැයවූ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීම සඳහා නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය පසුගියදා මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් සිදුකළේය.
ගාස්තු සංශෝධන ක්‍රමවේදය අනුව ජනවාරි මාසයේදී සිදුවීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මෙම මාසයේදී සිදුකිරීමට අවසර ලබාදෙන ලෙස ලංකා විදුලි බලමණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇත.
කෙසේවුවද යළි විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට අවසර ලබාදීම සඳහා මහජන උපයෝගීතා කොමිසමට කිසිදු අයිතියක් නොමැති බව සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.
මේ අතර ජනතාව අපහසුතාවට පත් නොකර විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරමින් එම ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කළ යුතු බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ, යළිත් විදුලි ගාස්තු සංශෝධනය සිදුකළහොත් ජනතාව දැඩි අසීරුවට පත්වීම වැළැක්විය නොහැකි බවය.
ජනතාව අසීරුවට පත් නොවන ආකාරයෙන් ගාස්තු සංශෝධනයන් සිදුකිරීමට රජය පියවර ගනු ඇති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි