ග්‍රෑම් 400 ය රුපියල් 250කින් ඉහලට
ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවෝ තීරණය කර තිබෙනවා.
එම මිල ඉහළ දැමීමත් සමඟ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 790 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම සහ රුපියල අවප්‍රමාණය වීම වීම හේතුවෙන් මෙසේ නැවත කිරිපිටි මිල ඉහල දැමීමට සිදු වූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ නිලධාරියකු පැවසුවා.
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දැමීමට තීරණය වී ඇති බව සඳහන්.
එම මිල ඉහළ දැමීමත් සමඟ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 790 ක්.
මෙරට ඉතිහාසයේ කිරිපිටි පැකට්ටුවක මිල වැඩිම අගයකින් ඉහල ගිය පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.
කෙසේ නමුත් වැඩි මිලක් ගෙවා හෝ මිල දී ගැනීමට කිරිපිටි වෙළඳපොල තුළ නොමැති බවටද තොරතුරු වාර්තා වනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට