මාධ්‍ය නිවේදනයකුත් එවයි
බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල කාන්තාවක සහ පුරුෂයකු අඹුසැමියන් සේ ලිංගිකව හැසිරෙන අයුරු පටිගත කර එය අන්තර් ජාලයට මුදා හැරීමේ සිද්ධිය පිළිබඳ මේ වන විට විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනවා.
මේ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් අදාළ දිය ඇල්ල අසලට ගොස් ඇති බවද සඳහන්.
සමාජ මාධ්‍ය මගින් සංසරණය වන බව පැවසෙන මෙම වීඩියෝව සමාජ මාධ්‍යයට එක්කල ජාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් හඳුනාගෙන ඇති බවද සඳහන්.
මෙම වීඩියෝව මුදල් ඉපැයීමේ අරමුණින් රූගත කර සමාජ මාධ්‍ය වෙත එක්කර තිබෙන බවත් එහි සිටින කාන්තාව අසැබි වීඩියෝ රැසකටම සම්බන්ධ රූපලාවණ්‍ය ශිල්පිනියක් බවත් මූලික විමර්ශන මගින් හෙළි ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ මෙම වීඩියෝව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් පුළුල් පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බවයි.
මෙවැනි වීඩියෝ ළඟ තබා ගැනීම හා පුද්ගලයින් අතර බෙදා හැරීම ශ්‍රී ලංකාවේ නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි අපරාධමය වරදක් බවත් හෙතෙම මෙහිදී අවධාරණය කරනවා.
මුල්ම පැමිණිල්ල භික්ෂුවකගෙන්
අදාළ වීඩියෝව “විදේශ රටවල ද ජනප්‍රිය වීමෙන් රටේ සංස්කෘතියට සහ සදාචාරයට මරු පහරක් එල්ල වන” බව ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් පස්සර මුල්ලේ දයාවංශ නම් හිමි නමක් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබුණා.

අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට