බොරැල්ලේ පිහිටි බන්ධනාගාර සංකීර්ණය ප්‍රතිස්ථාපිත කිරීමට යෝජිත හොරණ, මිල්ලෑව වතු යායට අයත් භූමිය අද (09) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිරීක්ෂණය කර තිබෙනවා.
අබලන්ව ඇති පැරණි ගොඩනැඟිලි, අධික තදබදය, බාහිරව බලපා ඇති වෙනත් සාධක හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන යාමේ අවශ්‍යතාව දීර්ඝ කාලයක සිට පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.
බන්ධනාගාර සංකීර්ණය සහ එහි වත්මන් තත්ත්වය වීඩියෝ දර්ශනයකින් ඉදිරිපත් කෙරුණු අතර බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය, ලොහාන් රත්වත්තේ මහතා ඒ පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කර තිබෙනවා.
නව බන්ධනාගාර සංකීර්ණය ඉදිකිරීමට, නාගරික සංවර්ධන අධිකාරිය සතු හොරණ, මිල්ලෑව වත්තෙන් අක්කර 200ක භූමි ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, නව මැගසින් බන්ධනාගාරය, බන්ධනාගාර රෝහල, පුහුණු පාසල, බන්ධනාගාර බුද්ධි අංශය සහ ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව මෙම යෝජිත පරිශ්‍රය තුළ ඉදිකිරීමට නියමිතය.
“සිපිරි සුවසෙත් උදාන” මිල්ලෑව රැඳවුම් හා විශෝධන මධ්‍යස්ථානය ලෙසින් නම් කර ඇති ව්‍යාපෘතිය වෙනුවෙන් මහ භාණ්ඩාගාරයෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකිරීම විශේෂත්වයක්.
සිරකරුවන්ගේ සුබසාධානය කෙරෙහි යෝජිත බන්ධනාගාර ව්‍යාපෘතිය තුළ විශේෂ අවධානයක් යොමු කර ඇති බව නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නාලක ගොඩහේවා මහතා පෙන්වා දුන් බවයි වාර්තාවන්නේ.
අනතුරුව ජනාධිපතිතුවරයා බන්ධනාගාර සංකීර්ණය, බන්ධනාගාර රෝහල, පුහුණු පාසල සහ බුද්ධි අංශය ඉදිකිරීමට යෝජිත ස්ථාන නිරීක්ෂණය කර තිබෙනවා.

නිරීක්ෂණ කටයුතු අතරතුර වතු යායේ පදිංචිකරුවන් හමුවු ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු ද විමසා තිබෙනවා.
ඉදිකිරීම් හේතුවෙන් ඔවුන්ට අහිමි වන දේපළ වෙනුවෙන් වන්දි සහ නිවාස ලබා දීමට කඩිනම්ව පියවර ගන්නා ලෙස දඑහිදී ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
අධිකරණ අමාත්‍ය අලි සබ්රි, රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජයන්ත සමරවීර, පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල, සංජීව එදිරිමාන්න, අනූප පැස්කුවෙල් යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට