වැලිකඩ බන්ධනාගාර රෝහලේ රැඳී සිටි සිරකරුවන් හා රැඳවියන් කිහිප දෙනෙකුට පමණක් බන්ධනාගාර නිලධාරීන්ගේ විවේකාගාරයේ නේවාසික පහසුකම් සපයා ඇතැයි ලංකාදීප වාර්තා කරයි.
වැලිකඩ බන්ධනාගාර රෝහල කොරෝනා ආසාදිත රැදවියන්ට සඳහා ප්‍රතිකාර කිරීමට වෙන් කිරීමත් සමග මෙම තීරණය ගෙන ඇතැයි ද සඳහන්ය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, තංගල්ල ප්‍රාදේශීය භාවය හිටපු සභාපති සම්පත් විදානපතිරණ, විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු කිහිප දෙනෙක් මෙසේ නිලධාරීන්ගේ විවේකාගාරයට යොමු කර ඇතැයි ද සඳහන්ය.
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙසීයකට ආසන්න පිරිසක් මහර බන්ධනාගාර රෝහල වෙත මාරුකර යවා තිබියදී මෙම පිරිස පමණක් විවේකාගාරයේ රැඳවීම පිළිබඳව රැඳවියන් සහ සෞඛ්‍යය කාර්ය මණ්ඩලවල දැඩි කතාබහක් ඇතිව තිබෙන බවත් වාර්තාවේ සදහන්ය.
මෙම පියවර ගෙන ඇත්තේ ඉහළින් ලැබුණු නියෝගයක් මත බවත් ලංකාදීප වෙබ් අඩවිය තව දුරටත් වාර්තා කරයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට