රජයේ සේවකයන්ට අයවැයෙන් දුන් රුපියල් 10000 ම වැය වන්නේ වැඩි කරන ලද බදු ගෙවීමට සහ වැඩි කළ ආහාර මිලදී ගැනීමට බව සමගි ජනබලවේගයේ පත් කළ මන්ත්රී හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
ඒ අනුව පඩිය වැඩි කිරීමෙන් රජයේ සේවකයන්ට කිසිම ප්රතිලාභයක් අත් නොවන බවද අමරසූරිය මහත්මිය කීවාය.
“මේ විප්ලවීය අය බව ආණ්ඩු පාර්ශවය කියනවා. මෙහි සුරංගනා කථා හැර කිසිම විප්ලවීය බවක් නම් පේන්නේ නෑ.
දැන් අයවැය යෝජනාවලට පෙර පාපොච්චාරණයක් කරන්න පුරුදු වෙලා තිබෙනවා. දශක ගණනාවක වැරදි පෙන්වා දෙමින් වැරදි නිවැරදි කළ යුතු බවට 2023 වසරේ දීත් කිව්වා.මේ අලුත් බව මොකක්ද කියන එක ප්රහේලිකාවක්.
රට අර්බුදයට මුහුණදීම සඳහා ගෙන තිබෙන අලුත් යෝජනා මොනවාද කියා කිසිසේත් පැහැදිලි නැහැ.
අයවැය පරතරය මග හැරීම සඳහා තිබෙන සම්පත් විකිණීම, බදු අය කිරීම, හැරෙන්න වෙන කිසිම යෝජනාවක් ඉදිරිපත් කර නැහැ”
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි