Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වැඩවර්ජන, කොරෝනා මැද උසස් පෙළ සහ ශිෂ්‍යත්ව අයදුම් පත්වලට වුණු දේ මෙන්න

අයදුම් පත් භාර ගැනීම සැප්තැම්බර් 15න් අවසන්

කතා විකෘති කරන මඩ සැලසුමක්

මෙම වසරේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍ර භාර ගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් මස 15 වනදා එනම් හෙට දිනය බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

කොරෝනා වසංගතය සහ ගුරු විදුහල්පති වැඩ වර්ජනය හේතුවෙන් මෙම අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමේ යම් ගැටලුවක් මතුව ඇති බව සඳහන් කරමින් මාධ්‍ය කිහිපයක වාර්තා පළ වුණා.

එමෙන්ම විදුහල්පතිවරුන් විසින් සිතාමතාම තම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් විභාග අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කර නොමැති බවට ද එම මාධ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේ නමුත් මේ පිළිබඳව අප කළ විමසීමේ දී අනාවරණය වූයේ උසස් පෙළ අයදුම්පත් වලින් 95% ක් දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවයි.

එමෙන්ම ශිෂ්‍යත්ව විභාගයට අදාල අයදුම්පත් වලින් 60% වැඩි ප්‍රමාණයක් පසුගිය සිකුරාදා දිනය වන විටත් විභාග දෙපාර්තමේන්තුවට ලැබී තිබූ බවයි වාර්තා වන්නේ.

අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය වන හෙට දිනය වන විට අදාල අයදුම්පත් සියල්ලම විභාග දෙපාර්තමේන්තුවට ලැබෙනු ඇති බවට විභාග දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරනවා.

කෙසේ නමුත් මෙම තත්ත්වය හෙළි නොකොට දැනට වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව සිටින විදුහල්පතිවරු සහ ගුරුවරු සම්බන්ධයෙන් ජනතාව තුළ අප්‍රසාදයක් ඇති වන අයුරින් මේ පිළිබඳ අසත්‍ය තොරතුරු නිර්මාණය කිරීමේ උත්සාහයක් පවතින බවයි ගුරු වෘත්තිය සමිති පෙන්වාදෙන්නේ.

About The Author