Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වාහන වල හිමිකම් සහතික ගැන අලුත් නීති ගෙනා WPC නුපුහුණු උද්දච්ච්ඡ පොලිස් කාන්තාවක් – හිටපු නියෝජ්‍ය පොලිස්පතිගෙන් සැර ප්‍රතිචාර

වාහන වල හිමිකම් සහතික ගැන අලුත් නීති ගෙනා WPC නුපුහුණු උද්දච්ච්ඡ පොලිස් කාන්තාවක් - හිටපු නියෝජ්‍ය පොලිස්පතිගෙන් සැර ප්‍රතිචාර

මෝටර් රථයක් පදවාගෙන යන පුද්ගලයෙකු සහ රථ වාහන හැසිරවීමේ රාජකාරී යෙදෙන පොලිස් නිලධාරිනියක අතර වන සංවාදයක වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

පොලිස් නිලධාරිනිය පෙන්වා දෙන්නේ අදාළ වාහනයේ සන්තකය ඔප්පු කරගැනීමට නොහැකි වීම මත නීතිමය වශයෙන් වරදක් කර ඇති බවයි.

වාහනය පදවාගෙන ආ පුද්ගලයා ප්‍රශ්න කරන්නේ වාහනයක් වෙනත් පළාතකට ගෙන යන්නේ නම් අයිතිකරු සිටීම අනිවාර්යය යන්නය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා තම ෆේස්බුක් පිටුවෙහි මෙලෙස සටහනක් තබා තිබුණා.

ලියාපදිංචි අයිතිකරැ රියදුරු නොවීම සහ සබරගමු පලාතේ වාහනයක් මධ්‍යම පලාතේ පැදවීම සම්බන්ධව රියදුරෙකුට එරෙහිව නීතිය ක්‍රීයාත්මක කරන්න උත්සාහ දරණ පොලිස් නිලධාරිනියක් සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය වෙනවා
ඇය කියන විදිහට වාහනයේ ලියාපදිංචි අයිතිකරැ වාහනයේ සිටිය යුතුයි.ඒ වගේම සබරගමුවේ ලියාපදිංචි කල වාහනයක් මධ්‍යම පලාතේ පැදවීමත් ඇයට ප්‍රශ්නයක්
මෙවැනි නීතිය නොදත් නුපුහුණු උද්දච්ච නිලධාරීන් රාජකාරියේ යෙදවීම සම්බන්ධව උසස් පොලිස් නිලධාරීන් වහා ක්‍රීයා කලයුතු අතර මෙම තත්ත්වය වහාම නිවරැදි කිරීමටද කටයුතු කල යුතුයි
අළුත් වාහන ලියාපදිංචිය අනුව ඉංග්‍රීසි අක්ෂර 3 සදහන් වාහන අංක මන පලාත සදහන් නොවන බවවත් මේ නිලධාරීණිය නොදන්නා බවකුයි ඇයගේ ක්‍රීයා කලාපයෙන් පෙන්නුම් කරන්නේ
මෙවැනි කුමන හෝ වරදක් පටලවා මහජනතාව අපහසු තාවයට පත්කිරීමට උත්සාහ දරණ නිලධාරීන් / නිලධාරීනියන් හේතුවෙන් පොලිසිය සම්බන්ධව ඇති මහජන ආකල්ප තව තවත් පලුදුවීම වැලැක්විය නොහැකියි 

About The Author