Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ව්‍යාපාරිකයින්ගෙන් ගේම ඉල්ලන හැටි ඩඩ්ලි සිරිසේන ප්‍රසිද්ධියේ කියයි : මාස තුනකට සහල් මිලට කරන දේ මෙන්න

ඉදිරි මාස තුන සඳහා රටේ සියලුම ජනතාවට සහන ලබාදීමට අවශ්‍ය වී තොග මෙරට ඇති බව ප්‍රමුඛ පෙළේ සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.

ඔහු අවධාරණය කරන්නේ හෙට සිට රජයේ පාලනයට යටත්ව අලෙවි කිරීම සියලු දෙනා කටයුතු කරනු ඇති බවයි.

එසේ නොවන්නේ නම් ජනතාව ඒ පිළිබඳව අදාළ ව්‍යාපාරිකයන්ගෙන් ප්‍රශ්න කරමින් සාධාරණය කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ඔහු සඳහන් කළේ ය ” එහෙම දෙන්නෙ නැත්නම් ගෙම ඉල්ලන්න, වෙන කරන්න දෙයක් නෑ නේ” යනුවෙන් පවසමින්.

මේක අපි හැමෝටම අමාරු කාලයක් බව මම පිළිගන්නවා. විශේෂයෙන්ම රජයේ අමනෝඥ නිළධාරීන්ගේ හා පාලකයන්ගේ මරි මෝඩ තීන්දු නිසා රටේ වී ගොවිතැන ඇතුලු කෘෂිකර්මාන්තය වළපල්ලටම වැටිලා. ඒ වුණත් මේ වෙලාවෙ අසරණ වෙච්ච මිනිස්සු වෙනුවෙන් හඬක් නඟලා, සහල් මිල ස්ථාවර අගයක තියන්න මම මූලිකත්වය ගන්නවා. මොකද මම පාලන මිලට සහල් දෙනව නම්, අනිත් අයට නොදී ඉන්න බැරි හේතුවක් නැහැනෙ.

ඒ අනුව හෙට සිට රජයේ පාලන මිල අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 220ක මිලකටත්, සම්බා කිලෝවක් රුපියල් 230 ටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 260 ක මුදලටත් අප විසින් අලෙවි කිරීමට තීන්දු කළා.

විශේෂයෙන්ම රට තුළ වී සංචිත තවත් තුන් මසකට සීමා වී ඇති කාලවකවානුවක රජයේ වගකිවයුතු බළධාරීන් විසින් කැසට් පට වෙළඳපොළට නිකුත් කරනව වගේ ගැසට් ගැසීම නිසා රටේ මහජනතාවත්, ව්‍යාපාරිකයනුත් අනාථ වී ඇති බව අමුතුවෙන් කිවයුතු නැහැ.

විශේෂයෙන්ම මීට මාස තුනකට සාපේක්ෂව ඩීසල් මිල රුපියල් 250/- කින් ඉහල ගොස් ඇති කාලවකවානුවක, අමුද්‍රව්‍ය හිඟකමින් ඇසුරුම් මිල 300% කින් ඉහළ ගොස් ඇති වටපිටාවක මේ මිල ගණන් යටතේ සහල් වෙළඳපොළට නිකුත් කිරීම අතිශයින්ම දුෂ්කර බව ඔබ දන්නවා.

එහෙත් දේශීය ව්‍යවසායකයෙකු ලෙසින් ඒ කිසිවක් ගණන් නොගෙන, ලාභ පසුපස නොයමින් මේ දුෂ්කර කාළය තුළ රජයේ පාලන මිලට යටත්ව සහල් අලෙවි කිරීමට මා තීරණය කළා.

එම නිසා මා මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මේ කාලය කැප කර, ඉවසීමෙන් සිටිනා ලෙසයි.

යනුවෙන්ද ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළා.

About The Author