කුරුණෑගල නගරයේ අලෙවි කරමින් තිබූ ව්‍යාජ ලොතරැයි පත් 232ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
ඊයේ (25) සවස ව්‍යාජ ලොතරැයි පත් අලෙවි කරන බවට ලද තොරතුරක් මත කුරුණෑගල පොලිස් නිලධාරීන් වැටලීමක් සිදුකර ඇත.
එහිදී ව්‍යාජ ලොතරැයි පත් 232ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 26 හැවිරිදි වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (26) කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට