ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ‘ප්‍රධාන පුහුණුකරු’ ලෙස සනත් ජයසූරිය පත්කල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
එම නිවේදනයට අනුව 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය අවසන් වන තෙක් ඔහු එම තනතුරේ කටයුතු කරනු ඇති බවයි පැවසෙන්නේ.
ජයසූරිය මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ කාලීන ක්‍රිකට් උපදේශකවරයා ලෙස කටයුතු කරයි.
ඔහුගේ නව පත්වීම වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවද එම නිවේදනයේ සඳහන්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පවසා ඇත්තේ, “සනත් අන්තර්ජාතික ක්‍රිකට් අත්දැකීම් සම්භාරය සමඟින්, අපි ස්ථිර විසඳුමක් සොයා ගන්නා තුරු ජාතික කණ්ඩායමට මඟ පෙන්වීමට සූදානමින් සිටිනවා.” යනුවෙනි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට