මෙරට තුළ කොරෝනා වසංගතය ව්‍යාපත්වීමත් සමඟ විදේශීය රාජ්‍යයන් ආයතන විවිධ සංවිධාන සහ පුද්ගලයන් සෞඛ්‍ය අමාත්‍යංශයට හා ඒ යටතේ තිබෙන ආයතනවලට ලබා දෙන ලද ආධාර සහ පරිත්‍යාග මූල්‍ය ප්‍රකාශනවල ඇතුලත් කර නැති බව විගණකාධිපතිවරයාගේ වාර්තාවකින් හෙළිකර තිබේ.
එම වාර්තාවෙන් දක්වන ලද ආකාරයට රුපියල් මිලියන 1,949ක් වූ මූල්‍යමය ආධාර මෙසේ ලැබී තිබිණි. ඊට අමතරව 2020 සහ 2021 වර්ෂවලදී ඖෂධ සහ වෛද්‍ය උපකරණ ඇතුළු විවිධ සෞඛ්‍යමය භාණ්ඩ කට්ටල 162,465ක් ලැබී තිබුණත් ඒවායේ තක්සේරු වටිනාකම් මූල්‍ය ප්‍රකාශනවලට ඇතුලත් කර තිබී නැත.
මුදල් අමාත්‍යංශයේ 2021 වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ලබා දෙන වාර්තාවේ මෙම කරුණු ඇතුලත් ය.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?