Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වරාය සතු තවත් හෙක්ටයාර 08 ක ඉඩමක් මිශ්‍ර ව්‍යාපෘතියකට : බ්ලුමැන්ඩල් සේවක නිල නිවාසත් ඉවත් කිරීමට සුදානම්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු දැනට වරාය සේවක නිල නිවාස පිහිටි බ්ලුමැන්ඩල් ඉඩමෙන් අදාළ නිල නිවාස ඉවත් කොට අදාළ භුමිය වෙනත් කටයුත්තක් සඳහා භාවිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තවනවා.

මීට අමතරව මහර ගල්වල ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 08 ක ඉඩම ද මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ලබාදීමට කැබිනට් මණ්ඩලය එකඟතාවය පළ කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහලින්..

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් මහර ගල්වල ඉඩමෙහි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම-

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජාතික වරාය ප්‍රධාන සැලැස්ම මඟින් කොළඹ වරායේ සේවා සැපයුම් හා ඒ හා සම්බන්ධිත කටයුතු සංවර්ධනය කිරීමේ කඩිනම් අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ වරාය හා සම්බන්ධ සේවා සැපයුම් අංශයක් ක්‍රියාත්මක කිරීමට වරාය අධිකාරිය සැලසුම්කර තිබේ. එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී දැනට බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිල නිවාස සුදුසු භූමියක ස්ථාපනය කළ යුතුව ඇත.

රාගම මහර ප්‍රදේශයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිතිව පවතින හෙක්ටයාර 08ක වපසරියකින් යුත් භූමි ප්‍රදේශයේ කොටසක් කොළඹ වරාය ඉදි කරන ලද කාලයේදී කළුගල් සපයා ගන්නා වැඩබිමක් ලෙස පවත්වා ගෙන ගොස් ඇති අතර, දැනට මෙම ඉඩම කිසිදු ආකාරයක ඵලදායී කාර්යයකට යොදා ගනු නොලැබේ. එසේම එම භූමිය මේ වන විට වැසි ජලයෙන් පිරී පවතින බැවින්, එය ජල අභිමුඛ නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ස්වභාවයක පවතින බව ද හඳුනාගෙන ඇත. ඒ අනුව, එම ඉඩම් කොටස මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් නේවාසික, නාගරික, සංස්කෘතිමය, ආයතනික සහ විනෝදාත්මක පහසුකම්වලින් සමන්විත වන පරිදි සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. එකී යෝජිත ව්‍යාපෘතිය රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීම පිණිස වරාය හා නාවික අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

About The Author