කොළඹ වරාය නගරය තුළ නීතිය බලාත්මක කිරීම සඳහා චීන ජාතිකයන්ගෙන් සැදුම්ලත් පොලිසියක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව වාර්තාවන්නේ යැයි සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබෙනවා.
චීන රජයේ පාර්ශවයෙන් මෙම යෝජනාව කර ඇත්තේ සියට අසුවක පමණ හිමිකාරිත්වයක් දරන පෝට් සිටි ව්‍යාපෘතිය තුළ වෙනම නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට ඇති සැලසුමට අනුව එම නීති පද්ධතිය කෙටුම්පත් කර ඇති පසුබිමක් තුලයි.
මෙසේ චීන ජාතිකයන්ගෙන් සැදුම්ලත් පොලිසියක් ස්ථාපිත කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා චීන ආරක්ෂක අමාත්‍යවරයා ද දිවයිනට පැමිණීමට නියමිත බව වෙබ් අඩවි කිහිපයක වාර්තා කර තිබු බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
© ලංකා පුවත්පත
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට