කොළඹ වරාය නගරය තුළ නීතිය බලාත්මක කිරීම සඳහා චීන ජාතිකයන්ගෙන් සැදුම්ලත් පොලිසියක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව වාර්තාවන්නේ යැයි සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබෙනවා.
චීන රජයේ පාර්ශවයෙන් මෙම යෝජනාව කර ඇත්තේ සියට අසුවක පමණ හිමිකාරිත්වයක් දරන පෝට් සිටි ව්‍යාපෘතිය තුළ වෙනම නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට ඇති සැලසුමට අනුව එම නීති පද්ධතිය කෙටුම්පත් කර ඇති පසුබිමක් තුලයි.
මෙසේ චීන ජාතිකයන්ගෙන් සැදුම්ලත් පොලිසියක් ස්ථාපිත කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා චීන ආරක්ෂක අමාත්‍යවරයා ද දිවයිනට පැමිණීමට නියමිත බව වෙබ් අඩවි කිහිපයක වාර්තා කර තිබු බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
© ලංකා පුවත්පත


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට