පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පරිශීලනය කිරීම සඳහා අවසර ලබාදී තිබේ.
විදේශ රැකියාවලට යන පුද්ගලයින් නම, වයස, පදිංචිය ආදී තොරතුරු වෙනස් කර හැඳුනුම්පත් සහ ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කර විදේශගතවීම වැළැක්වීම සඳහා එම පියවර ගෙන ඇත.
ඒ අනුව ඊට අදාළ අවබෝධතා ගිවිසුම අද (28) දින අත්සන් තබන ලදි.
විදේශගතවන පුද්ගලයන් විවිධ හේතු පදනම් කරගෙන තම සත්‍ය තොරතුරු වෙනස් කර ව්‍යාජ උප්පැන්න සහතික,හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර සකස් කර විදේශගතවීමේ අවස්ථා නිතර දක්නට ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙලෙස විදේශගත වු පුද්ගලයන් ගැටළුවලට මුහුණ දුන් අවස්ථා ද වර්තාවී ඇති බැවින් මෙම තීරණය ගෙන තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සැක සහිත හැඳුනුම්පත් සහා විදේශ ගමන් බලපත්‍ර ක්ෂණිකව පරීක්ෂා කිරීමට ක්‍රමයක් මෙතෙක් කල් නොතිබුණි.
සමාන්‍යයෙන් කරනු ලබන්නේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම්දී සත්‍ය තොරතුරු තහවුරු කර ගැනීමය.
අවබෝධතා ගිවිසුම අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේනතුවේ පරිගණක දත්ත පද්ධතිය පරිශීලනය කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අවසර හිමි වෙයි.
ඒ අනුව සැකසහිත පුද්ගලයින්ගේ තොරතුරු ක්ෂණිකව පරික්ෂා කිරීමට හැකි වනු ඇත.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ, අධ්‍යක්ෂක මණ්ඩල සමාජික ජෙෆ් ගුණවර්ධන, පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් වියානි ගුණතිලක යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තබන ලදි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට