පසුගිය දින කිහිපය තුළදී වන්දනා ගමන්වල නිරත වූ බැතිමතුන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණේ ආහාර විෂවීමකින් බවට සැකකෙරෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේ ආහාර විෂවීම් සහ බැක්ටීරියා ආසාදන යැයි හඳුනාගත් තවත් රෝගීන් 10 දෙනෙකුද මේ වනවිට වාර්තා වී ඇති බවය.
මේ අතර ශ්‍රී පාද වන්දනාවේ සහ අනෙකුත් වන්දනා ගමන්වලට නිරතවන සියලුම බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරමින් ඒ මහතා පවසා සිටියේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පිළිවෙත් අනුගමනය කරන ලෙසය.
එසේම හැකිතාක් පානීය ජලය උණුකර නිවාගෙන තම නිවසින් රැගෙන යන ලෙසට ද ඔහු මහජනතාවගෙන් ඉල්ලීය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට