මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවි නිලධාරියකුට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළ සිද්ධියට අදාල යුද හමුදා මේජර් ජනරාල්වරයා ඇතුළු යුද හමුදා සාමාජිකයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ හබරන පොලිස් ස්ථානාධිපතිවරයාට අද (30) නියෝග කර තිබෙනවා.
මෙම සිද්ධියට අදාල සැකකරුවන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය වී තිබියදීත් ඔවුන් අත් අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට දෝෂාරෝපණයක් සිදු කර ඇති බව ද වාර්තා වනවා.
මින්නේරිය වනෝද්‍යානය තුළ සිටින අලි පැටවකු පැහැරගෙන යාමට කණ්ඩායමක් පැමිණෙන බවට ලද විශ්වාස කටයුතු තොරතුරක් මත වනජීවී නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබූ පසුබිමක වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී වනජීවී නිලධාරීන්ගේ අණ නොතකා පලා ගිය වූ හමුදා මේජර් ජනරාල්වරයෙකු සහිත වාහනවල සිටි හමුදා කණ්ඩායමක් විසින් වනජීවී නිලධාරීන්ට මරණීය තර්ජන කර පහර දී ජංගම දුරකථන පැහැර ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධව වනෝද්‍යානයේ භාරකරු විසින් හබරණ පොලිසියට පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.
මෙලෙස ප්‍රධාන වගඋත්තරකරු ද නම් කොට ඇත්තේ ් ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ මේජර් ජනරාල් මොහාන් රත්නායක මහතා ඇතුළු පිරිසක්.
කෙසේ වෙතත් සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් කණ්ඩායමක් විසිනි තමා ගමන්ගත් වාහනය නතර කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් මේජර් ජනරාල්වරයා විසින් වනජීවී නිලධාරීන්ට එරෙහිව සිදුකර ඇති බවද වාර්තා වනවා.
යුධ හමුදාවෙන් විශේෂ විමර්ශනයක්
මේ අතර සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීම සඳහා ජේෂ්ඨ මේජර් ජනරාල්වරුන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නියෝග කර තිබෙනවා.
ඒ අනුව යුද හමුදා පොලිසිය හරහා අදාළ සිදුවීම පිළිබඳ මූලික විමර්ශනයක් සිදු කොට අදාළ සාක්ෂි සහිත වාර්තාවක් හැකි ඉක්මනින් තමා වෙත ලබා දෙන ලෙස යුද හමුදාපතිවරයා විසින් අදාළ කමිටුවට උපදෙස් ලබාදුන් බවයි යුධ හමුදා මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට