ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද දිවයිනට පැමිණීමට නියමිතයි.
ඒ, නිල සංචාරයක් සඳහායි.
හිමිපාණන් මේ මස 08 වනදා දක්වා මෙරට තුල රැඳී සිටිනු ඇත.
ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ආරාධනාවකට අනුව උන්වහන්සේගේ මෙම සංචාරය සිදුවනවා.
සංචාරය අතරතුරදී, අගරදගුරු ගැලගර් හිමිපාණන්, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හමුවීමට නියමිතයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයන්ගෙන් බලපෑමට ලක් වූ දේවස්ථාන ඇතුළුව රට පුරා සංස්කෘතික හා ආගමික වශයෙන් වැදගත් ස්ථාන නැරඹීමට අගරදගුරු හිමිපාණන් එක්වනු ඇති.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට