Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වත්තක් දැකලවත් නැති මිනිස්සුන්ට බදු ගහලා රජය වතු කම්කරු පඩි ගෙවනවා – මේ මොන ආර්ථික සිද්ධාන්තයක්ද?

වතු කම්කරුවන්ට රුපියල් 200ක දෛනික දිරි දිමනාව රජය විසින් ලබාදීම හරහා ගැටලුකාරී තත්ත්වයක් මතුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා සඳහන් කරයි.

මෙම මුදල ලබාදීම ආරම්භ කළහොත් දිගින් දිගටම මෙම මුදල ලබාදීමට සිදුවන බවත් ඉදිරියේදී එය තවත් ඉහළ යනු ඇති බවත් පැවසූ ඔහු එය රජයට අමතර බරක් බවත් පැවසීය.

පෞද්ගලික අංශය විසින් සේවයේ යොදන සේවක කණ්ඩායමකට අදාළව රජය විසින් සහනාධාර දීම නරක පූර්වාදර්ශයක් බවද පවසන ඔහු මෙය තවත් විවිධ අංශවලට ගමන් කිරීමට ඇති ඉඩ ඉතා වැඩි බවද සඳහන් කළේය.

වතු හාම්පුතුන් සියලුම ලාභය ලබා ගනිද්දී රජය විසින් ජනතා බදු මුදලින් එම වතු කම්කරුවාගේ වැටුප ගෙවන්නේ මන්දැයි හෙතෙම ප්‍රශ්න කළේය.

About The Author