පසුගිය සති කිහිපයේම කොළඹ පැවති මහජන විරෝධතාවයේදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට භාවිත කළ ජලය වෙනුවෙන් ජල සම්පාදන මණ්ඩලයට ගෙවන මුදල ශ්‍රී ලංකා පොලිසිය මෙතෙක් ගෙවා නොමැති බව වාර්තා වනවා.
‘ද අයිලන්ඩ්’ පුවත්පත වාර්තා කරන්නේ විරෝධතා අතරතුර පොලිසිය විසින් විශාල ජල ප්‍රමාණයක් භාවිතා කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු අනාවරණය කළ බවයි.
ජල ප්‍රහාරක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කළ ජලය වෙනුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට පොලිස් දෙපාර්තමේන්තුව තවමත් මුදල් ගෙවා නොමැති බවද එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් තහවුරු කර තිබෙනවා.
මේ අතර පිට පළාත්වල ඇති පොලිස් ස්ථානවලින් කඳුළු ගෑස් තොග කොළඹට රැගෙන ඒමට පොලිසිය පියවර ගෙන ඇති බවටද තොරතුරු වාර්තා වනවා.
පසුගියදා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පැවති විරෝධතාවලදී කඳුළු ගෑස් විශාල ප්‍රමාණයක් භාවිතා කර ඇති බැවින් කොළඹ පොලිස් ස්ථානවල ඉතිරිව ඇත්තේ සීමිත කඳුළු ගෑස් ප්‍රමාණයක් පමණක් බවයි වාර්තා වන්නේ.
© News19
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට