විධිමත් වගා සැලැස්මක් වත් නැහැ: නුපුහුණු නිලධාරීන් ගමන තවත් අවුලට පත් කරයි
රසායනික පොහොර තහනමත් සමඟ වර්තමානයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් මේ වන විට සිදුව තිබෙනවා.
ඉන් හෙළිව තිබෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මෙරට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් කිසිදු ප්රතිපත්තිමය වැඩසටහනක් නොමැති බවයි.
සියලු අංශ ආවරණය වන පරිදි සකස් කර ගත් කෘෂිකර්ම ප්රතිපත්තියක් මේ දක්වා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව නොමැති බවත්, 2019 වසරේ දී සකස් කළ කෘෂිකාර්මික ප්රතිපත්තිය මේ වන විටත් පවතින්නේ කෙටුම්පත් මට්ටමේ බවත් එහිදී අනාවරණය වී තිබෙනවා.
ඒ රජයේ ගිණුම් කාරක සභාව විසින් සිදුකරන ලද විමර්ශනයන් වල දී වීම විශේෂත්වයක්.
විධිමත් වගා සැලැස්මක් වත් නැහැ
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව විධිමත් වගා සැලැස්මක් වත් නොමැති බවද එහිදී අනාවරණය වී තිබෙනවා.
මේ තත්ත්වය තුළ බෝග වල අතිරික්තතාවන් මතුවන අයුරු සහ විශාල අස්වනු හානියක් සිදුවන අයුරු නිරීක්ෂණය කර ඇති රජයේ ගිණුම් කාරක සභාව ඇතැම් අවස්ථාවල දී අස්වනු සම්බන්ධයෙන් වෙළඳපොළ හිඟයක් නිර්මාණය වන බව ද හඳුනාගෙන තිබෙනවා.
මේ තුළ විශාල අස්වනු හානියක් සිදුවීමට අමතරව වෙළදපොළ තුළ පාරිභෝගිකයන් මෙන්ම ගොවියන් ද විවිධ අර්බුදයට මුහුණ දෙන බවයි හෙළිව තිබෙන්නේ.
නිලධාරීන්ගේ ගැටලුව
කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් හට ප්රමාණවත් පුහුණුවක් නොමැති වීම සහ ඔවුන් ගොවි සංවිධාන සමඟ සක්රීය සම්බන්ධතාවයක් නොපැවැත්වීම නිසා වගාවන් පිළිබඳ උපදෙස් ලබා දීම ප්රමාණවත් පරිදි සිදු නොවන බව ද රජයේ ගිණුම් කාරක සභාව විසින් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?