Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වගවෙනවා වගකියනවා කිව්වට තමන් ගන්නා ගොබ්බ තීරණවල අලාභ ගෙවන්න දේශපාලකයා බැඳී නැහැ : හිටපු විගණකාධිපතිවරයා යථාර්ථය පහදයි

පාඩුව දරන්නෙත්, වන්දි ගෙවන්නෙත් රටේ සාමාන්‍ය ජනතාවම තමයි

දේශපාලකයන් විසින් ගනු ලබන තීරණ සම්බන්ධයෙන් වගකීම හෝ වගවීම දැරීමට දේශපාලකයා බැඳී නොමැති බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එම තීරණ වල අලාභය ද රටේ ජනතාවටම ගෙවීමට සහ දරාගැනීමට සිදුවන බවයි.

Mee Massoo TV සමගින් පසුගියදා විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

කාබනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගනු ලැබූ තීරණය සහ ගෝවීන්ට වන්දි ගෙවීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් පළකරමින් ගාමිණී විජේසිංහ මහතා මෙම කරුණු හෙළි කළා.

පසුගිය දා (16) ජාතිය අමතමිනි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සඳහන් කළේ තමන් ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් වගවීම තමන් ගැනීමට සූදානම් බව ද නැවත අවධාරණය කළා.

ගාමිණී විජේසිංහ මහතා සමඟ සිදුකළ අදාළ සංවාදය පහලින්..

About The Author