මෙවර ගේන්නේ දියර පොහොර බවත් කියයි : අලාබය ලාබයක් වන හැටිත් කියයි
චීන පොහොර නැව අනිවාර්යෙන්ම නැවත ලංකාවට එන බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.
කලින් වතාවේ එම පොහොර නැවට ගෙවීම් කර ඇති බැවින් මෙවර ගෙවීමක් කිරීමට අවශ්‍ය නොවන බව කී රාජ්‍ය අමාත්‍යවරයා චීන සමාගමේ නිර්දේශ අනුව ලෝකය පිළිගත් පර්යේෂණාගාරයක ද ලාංකික පර්යේෂණාගාරයකද පරීක්ෂණ කටයුතු කොට එම පොහොර ගෙන්වීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.
මෙරට පර්යේෂණාගාරවල පොහොර පරීක්ෂා කොට අසමත් වුවහොත් එම පොහොර ගෙන්වන්නේ නැතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා මුලින් ගෙවූ මිලටම නැවත පොහොර ලබාදීමට එම සමාගම එකඟ වූ අතර එයින් ලංකාවට ලොකු ලාභයක්ද ලැබෙන බව සඳහන් කරනවා.
මෙවර ඝන පොහොර නොව මුලට යෙදිය හැකි දියර පොහොරක් ගෙන් වීමට අවධානය යොමු වී තිබෙන බවද ඔහු පවසනවා.
දින විසි හයක් ඇතුළත එම පොහොර ගෙන්වීමට කටයුතු කරන බව ද කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
පසුගිය අවස්ථාවේ නිසි ප්‍රමිතිය සොයා නොබලමින් සහ වංචනික ආකාරයෙන් ණයවර ලිපි විවෘත කොට මෙරටට ගෙන මිනිස් අසුචි සහ අහිතකර බැක්ටීරියා අඩංගු පොහොර ලංකාව මෙරට විද්වතුන්ගේ සහ පර්යේෂණ අයතන වල දැඩි විරෝධය මධ්‍යයේ රටට ගොඩබෑමට අවස්ථාව උදා වූයේ නැහැ.
නමුත් ආණ්ඩුව විසින් චීන සමාගමට ඩොලර් මිලියන 6.9 ක් ගෙවීමට කටයුතු කරනු ලැබුවා.
අදාළ නෞකාව සම්බන්ධයෙන් නිසි සාම්පල පරීක්ෂාවක් සිදු නොකොට අදාල වගකිවයුතු අංශවලින් අවසර ලබා නොගනිමින් එම නෞකාව මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ණයවර ලිපි විවෘත කලේ කවුද යන්න පිළිබඳව පවා මෙතෙක් සමාජයෙන් වසන් කර තිබෙනවා.
එම දූෂිත ක්‍රියාවලිය හේතුවෙන් අහිමි වූ ධනස්කන්ධය ඩොලර් මිලියන 6.9 ක්.
එය රුපියල් වලින් ගණන් බැලුව හොත් රුපියල් බිලියන 1.9 හෙවත් රුපියල් කෝටි 193ක මුදලක්.
අත නොහැර කියවන තැන
ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ – අනුරගේ එක කෝමද ඒකට අපේ ලොක්කගේ එක ඇහුන ගමන් ඩෝපර්ලා නටනවා – සජබ අවුල දිගටම පුපුරයි
සජිත්ගේ වේදිකාව ළඟ ඇවිලෙයි – එක හරක් පැටියෙක් අරන් ගොම දාගන්න එපා කියා රෝහිණී සැර වෙයි
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී