බබා වැන්ගා කියූ අනාවැකිය යථාර්තයක් වේද ? ඇය කිවේ කුමක්ද ?
යුක්රේනය සහ රුසියාව අතර ඇති වී යුද්ධය සඳහා ලොව තවත් බලවත් රටවල් රැසක් ද සම්බන්ධ වී ඇති මොහොතක බල්ගේරියානු ජාතික අනාවැකිකාරියක වූ බාබා වැන්ගා විසින් රුසියාව සහ පුටින් පිළිබඳ කියූ පැරණි රහස් අනාවැකියක් මේ වන විට ලැව් ගින්නක් සේ ලොව පුරා පැතිර යමින් පවතිනවා.
1996 වසරේ මෙලොව හැර ගිය බාබා වැන්ගා විසින් ඉදිරිපත් කළ අනාවැකි අතුරින් ඇමෙරිකාවට එල්ල වූ 9/11 ත්‍රස්ත ප්‍රහාරය සහ ඩයනා කුමරියගේ රිය අනතුර වැනි සිදුවීම්ද ඇතුළත් වූ බවයි පැවසෙන්නේ.
මාධ්‍ය වාර්තා කිහිපයකට අනුව, බබා වැන්ගා විසින් රුසියාව ‘ලෝකයේ අධිපතියා’ බවට පත්වන අතර යුරෝපය ‘මුඩුබිමක්’ බවට පත්වන බව බාබා වැන්ගා මීට පෙර ලේඛක වැලන්ටින් සිඩෝරොව්ට පවසා තිබු බවයි මේ වන විට වාර්තා වන්නේ.
“සියල්ල දියවී යනු ඇත, අයිස් මෙන්, එකක් පමණක් නොවෙනස්ව පවතිනු ඇත – ව්ලැඩිමීර්ගේ මහිමය, රුසියාවේ මහිමය රුසියාව නවත්වන්න කාටවත් බෑ.”
“සියල්ල ඇය විසින් මාර්ගයෙන් ඉවත් කරනු ලබන අතර තබා ගැනීම පමණක් නොව ලෝකයේ අධිපතියා බවට පත් වනු ඇත”
යනුවෙන් ඇය පවසා ඇති බව ඩේලි මේල් වෙබ් අඩවියද වාර්තා කර තිබෙනවා.
සැලකිය යුතු කරුණක් නම්, වර්තමානයේ බබා වැන්ගා ලෙස හැදින්වෙන වැන්ජෙලියා ගුෂ්ටෙරෝවා නම් වූ මෙම කාන්තාවගේ පෙනීමේ හැකියාව අයට වයස අවුරුදු 12 දී අහිමිව ගොස් තිබීමයි.
ඒ සමඟම අනාගතය දෙස බැලීමට දෙවියන්ගෙන් ලද තෑග්ගක් තමාට ලැබුණු බව ඇය පවසා ඇති බවයි පැවසෙන්නේ.
සෝවියට් සංගමය විසුරුවා හැරීම, 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය, ඩයනා කුමරියගේ මරණය සහ චර්නොබිල් ව්‍යසනය පිළිබඳ ඇයගේ ප්‍රකාශයන් මේ වන විට සැබෑ වී තිබෙනවා.
කෙසේ වෙතත් ඇතැම් පුද්ගලයින් තම සිතගියාවන් මත බබා වැන්ගා ඈදා ගනිමින් යම් යම් කරුණු සමාජ ගත කිරීමට උත්සහ දරන බවටද චෝදනාවන් පසු ගිය කාලයේ එල්ල වුණා.
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්