Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලොහාන්ගේ සිද්ධියට සමගි ජන බලවේගය අධිකරණ ඇමතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර හා බන්ධනාගාර පුනුරුත්තාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් වැලිකඩ බන්ධනාගාරය සහ අනුරාධපුර බන්ධනාගාර වලට අයුතු අයුරින් ඇතුළු වී එහි සිරකරුවන්ට සහ නිලධාරීන්ට තර්ජනය කිරීම සහ රාජකාරියට බාධා කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස සමගි ජන බලවේගය පක්ෂය අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා වෙත යොමුකළ අදාල ලිපියෙහි සඳහන් වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ද පැවැත්වෙන කාලවකවානුවක මෙවැනි දෑ සිදුවීම රටට බරපතළ අවමානයක් බවයි.

එබැවින් මේ සම්බන්ධයෙන් වහා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා සිය ලිපියෙහි සඳහන් කර තිබෙනවා.

About The Author