කන්න ගත්ත මිරිස් වල ණය බේරලත් නෑ
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයක් හේතුවෙන් ඉන්දියාවේ මිරිස් සැපයුම්කරුවන්ට මුදල් ගෙවා නැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ශ්‍රී ලංකාවට මිරිස් ආනයනය සිදු කරන ඉන්දීය වෙළඳුන්ට පසුගිය මාස කිහිපය ගෙවිය යුතු මුදල් නොගෙවීම මත ඉන්දියාවේ මිරිස් වෙළඳපොලේ අර්බුදයක් හටගෙන ඇති බවද වාර්තා වනවා.
ශ්‍රී ලංකාව විසින් ඉන්දීය රුපියල් කෝටි 250-300 කට වැඩි මුදලක් මෙම සැපයුම්කරවැන්ට ගෙවීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.
නමුත් එම ණය නොගෙවීමට එරෙහිව පැමිණිලි කරන්නට මෙතෙක් කිසිවෙකු ඉදිරිපත් වී නැති බවත් ඒ ණය මුදල යලි ලබා ගැනීමට එය බාධාවක් වනු ඇති බවට ඔවුන් බිය වී ඇති බවද පැවසෙනවා.
කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳව ඉන්දියාව පුරා පමණක් නොව ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කරන රටවල් රැසක අවධානයට ලක්ව ඇති බව ද වාර්තාවනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවට භාණ්ඩ අපනයනය කිරීමට බොහෝ රටවල් මැලිකමක් දක්වන බවට තොරතුරු වර්තාවනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට