Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලොක්කෝ පිස්සු කෙළින එකේ ඉවරයක් නෑ කියා, PHI ලා එන්නත්කරණය නවතා ගෙදර යයි

කොරෝනා එන්නත්කරණ වැඩසටහනින් අද (27) සිට තාවකාලිකව ඉවත් වීමට තීරණය කළ බව ගම්පහ දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරනවා.

ඒ නිසි ඉහළ සෞඛ්‍ය බලධාරීන්ගේ පිළිවෙලක් නොමැති ක්‍රියාකාරකම් සහ තීරණ සමග වැඩකිරීමට නොහැකි බව පවසමින්.

කොරෝනා එන්නත වසය අවුරුදු 60ට වැඩි සියලු දෙනාටම ලබාදිය යුතු බවත් ඒ සඳහා සැලසුම් සකස් කරන ලෙසත් සෞඛ්‍ය බලධාරීන් මුලදී දන්වා තිබූ නමුත් හිටිහැටියේ එම තීරණය වෙනස් කරමින් උපදෙස් නිකුත් කිරීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන් අපහසුතාවට පත්ව තිබෙන්නේ ජනතාව ඉදිරියේද නිරුත්තර වෙමින්න.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති එස්.ආර්.එම්.එස්.ආර් සමරදිවාකර මහතා පැවසුවේ වයස අවුරුදු 60 වැඩි පුද්ගලයන් සඳහා එන්නත් වැඩ පිළිවෙල සුදානම් කර තිබු පසු හදිසියේම වයස අවුරුදු 30ට ඉහළ සෑම පුද්ගලයෙකුටම එන්නත් ලබා දිය යුතු බවට ඊයේ (26) පෙරවරුවේ දුරකථන ඇමතුමක් හරහා උපදෙස් ලැබුණු බවයි.

සෞඛ්‍ය බලධාරීන් කිසිදු සැලසුමකින් තොරව දිනෙන් දින පැයෙන් පැයට තීරණ වෙනස් කරන බවද එන්නත් ලබාදීම සඳහා කලින් සැලසුම් කළ වැඩසටහන් නතර කරන්නැයි දැනුම් දී ඇති බවද ඔහු කළා.

මේ තත්වය තුල එන්නත්කරණ වැඩපිළිවෙල සඳහා ලියාපදිංචි වී ඇති ජනතාවද තමන් සමග නිකරුනේ ගැටුම් ඇතිකර ගන්නා තත්වයක් නිර්මාණය වන බවද පෙන්වා දෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, එන්නත් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා පැහැදිලි උපදෙස් සහිත චක්‍රලේඛයක් නිකුත් කරන තෙක් ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් එන්නත ලබාදීමේ වැඩසටහනින් ඉවත් වන බව කරනවා.

About The Author