Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලේකම් දන්නෙත් නෑ – කොමසාරිස් දන්නෙත් නෑ මාධ්‍යයෙන් විභාග කොමසාරිස් ගෙදර යවන බව කියයි

විභාග පද්ධතිය නැවත අර්බුධයක

විභාග කොමසාරිස් සනත් පුජිත මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බව සඳහන් කරමින් මේ වන විට පුවතක් පැතිර යනවා.

ඒ මේ සම්බන්ධයෙන් සති අන්ත පුවත් පතක් පළ කර තිබු මාධ්‍ය වාර්තාවක් පදනම් කරගනිමින්.

කෙසේ වෙතත් අප මේ පිළිබඳ කරුණු සොයා බැලීමක් සිදු කළ අතර එහිදී අනාවරණය වුයේ මෙවැන්නක් සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා හෝ අධ්‍යාපන ලේකම්වරයා කිසිවක් නොදන්නා බවයි.

කෙසේ වෙතත් අදාළ පුවත වාර්තා කරන දේශය පුවත්පතෙහි සඳහන් වන්නේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට ජනාධිපති කාර්යාලයටත් පසුගිය කාලය පුරාම පැමිණිලි රැසක් ලැබී තිබීම හේතුවෙන් විභාග කොමසාරිස්වරයා ඉවත් කිරීමට සුදානම් බවයි.

විභාග පැවැත්වීමේ ක්‍රමවේද, ඇතැම් විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ දී මතු වූ ගැටලු ද ඒ අතර වූ බව සඳහන්.

කොමසාරිස් ජනරාල්වරයා ඉවත් කිරීමෙන් පසු යළි අයදුම්පත් කැඳවා නව කොමසාරිස් ජෙනරාල් වරයෙකු කිරීමට සූදානමක් ඇති බවද එම වාර්තාවේ දැක්වෙනවා.

කෙසේ වෙතත් විභාග දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වසර අවසානයේ විභාග කොමසාරිස් සනත් පුජිත මහතා විශ්‍රාම යාමට නියමිතව ඇති බවයි.

ඒ අතර තුර දේශපාලන හිතවත්කම් මත පුද්ගලයෙකු අදාළ තනතුර සඳහා පත් කිරීමට නියමිත බවට කතා බහක්ද මේ වන විට නිර්මාණය වී තිබෙනවා.

මීට පෙර පැවති රජය යටතේ හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් විභාග දෙපාර්තමේන්තුව තුළ සිදුව ඇති අක්‍රමිකතා සහ දුෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් ද සිදු කළ අතර එය පැවැත්වෙන අතර තුර එවකට හිටපු විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පපුෂ්පකුමාර මහතා එම ධුරයෙන් ඉවත්කොට අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කිරීමටද පියවර ගනු ලැබුවා.

About The Author