රාජ්‍ය පරිපාලන සේවයට තවත් අවස්ථාවක් අහිමි වෙයි – කෘෂිකර්මයේ ලේකම් ධුරය වයඹ විශ්වවිද්‍යාලයට
කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ.විජේසිංහ පත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
ඒ නාවලපිටිය ප්‍රදේශයේ අද (06) පැවති මාධ්‍යය හමුවකදියි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍යංශයේ හිටපු ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඔහුගේ පුද්ගලික හේතුවක් මත සිය තනතුරෙන් ඉල්ලා අස්විමේ ලිපිය තමන්ට භාරදුන් බවයි.
හිටපු ලේකම්වරයා අස්විමට වෙනත් කිසිදු හේතුවක් නොමැති බවත්,තම අමාත්‍යංශයට අවශ්‍යය කාබනික විෂය පිලිබදව මනා දැනුමක් ඇති අය නිසා තම අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපතිවරයා පත් කිරිමට තිරණය කල බවයි.
රටේ කිසිදු රසායනික පොහොර හිගයක් නොමැති බවත්,පොහොර ආනයනය කිරිම ගැසට් නිවේදනයක් මගින් නතර කිරිම සමග ඇති වු රසායනික පොහොර හිගයට විසදුමක් වශයෙන් එම රසායනික පොහොර තොග පෞද්ගලික අංශයෙන් ලබාගෙන එම පොහොර තොග මේ වන විට ගොවින් අතට පත් කිරිමට පියවර ගෙන ඇති බවයි.
රසායනික පොහොර භාවිතය මෙරටින් තුරන් කර කාබනික පොහොර භාවිතයට මේ රටේ ගොවින් යොමු කරන බවයි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
රාජ්‍ය පරිපාලනයට ( SLAS ) තවත් අවස්ථාවක් අහිමි වෙයි
අමාත්‍යංශ ලේකම් ධුරය සාමාන්‍යයෙන් සහ රටේ පිළිගනිම අනුව රාජ්‍ය පරිපාලන සේවයේ ඉහල සුදුසුකම් ලද නිලධාරීන්ට හිමිවන තනතුරක් වන අතර අමාත්‍යංශ ලේකම් වරුන් පත්කිරීමේ බලය ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයාගේ අභිමතය අනුව ඕනෑම පුද්ගලයෙකු අමාත්‍යංශ ලේකම් වරයෙකු බවට පත් කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට පවතිනවා.
වත්මන් රජය යටතේ අමාත්‍යංශ රැසක ලේකම්ධුර දරන්නේ රාජ්‍ය පරිපාලන සේවයට අයත් නිලධාරීන් නොවීම විශේෂත්වයක්.
ඒ සඳහා හමුදා නිලධාරීන් මෙන්ම වෙනත් සිවිල් පුද්ගලයින්, වෛද්‍යවරුන් ඇතුළු අය පත් කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට